wedaduru abhiman

සුවහසක් ජීවිත වලට ජීවය ලබාදෙන නූතන ජීවක පරපුරේ පාරම්පරික හා ආයුර්වේද වෙදැදුරන් වෙත පිදෙන “වෙදැදුරු අභිමන් – 2023” ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රමුඛ මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (20) දින පැවැත්විණ.

තෛභාෂා පුවත්පත් දැන්වීමකින් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව, විද්වත් මණ්ඩලයක් මගින්, සම්මුඛ පරීක්ෂණයක් මගින් මෙන්ම ස්ථානීය නිරීක්ෂණයන් මගින් සුදුසුකම්ලත් පාරම්පරික, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන් 62 දෙනෙකුට සහ ආයුර්වේද වෛද්‍යවරුන් 62 දෙනෙකුට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. මෙහි විශේෂත්වය නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍යවරුන් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමයි.

තවද මෙහිදී පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් දොළොස් දෙනෙකු බැගින් වෛද්‍යවරුන් 24 දෙනෙකු සඳහාද විශේෂ ගෞරව සම්මාන, සහතික පත්‍ර හා තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණ.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල, යෞවන කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක යන මැති ඇමතිතුමන්ලා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *